හෙට්ටිපොළදී වෙඩි වැදී දැරියක් මිය යාම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට

හෙට්ටිපොළදී වෙඩි වැදී දැරියක් මිය යාම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට

කුලියාපිටිය, හෙට්ටිපොළ මඟුලාගම ප්‍රදේශයේදී වෙඩි වැදී නව හැවිදිරි දැරියක් මිය යෑම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

47 හැවිරිදි සැකකරු මඟුලාගම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

පොලීසිය සඳහන් කළේ, මගුලාගම ප්‍රදේශයේ පිරිසක් ඊයේ (27) රාත්‍රියේ වල් ඌරන් රංචුවක් දඩයමේ ගොස් ඇති බවයි.

එහිදී ඇසුණු ශබ්දය ඇසි, එය බැලීමට අදාළ දැරිය සහ ඇගේ මිත්තණිය නිවසින් පිටතට පැමිණ තිබේ.

එහිදී වල් ඌරන් ඉලක්ක කර තැබු වෙඩි ප්‍රහාරය දැරියට සහ ඇගේ මිත්තණියට වැදි ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය.

පොලීසිය පැවසුවේ, වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබු නව හැවිදිරි දැරිය කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වූ බවයි.

මිත්තනියගේ කකුලකට වෙදි වැදි ඇති අතර ඇය කුලියාපිටිය ශික්ෂණ රෝහලේ තවදුරටත් නේවාසිකව ප්‍රථිකාර ලබයි.

බෝර 12 ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති අතර සිද්ධියෙන් පසු වෙඩික්කරු ප්‍රදේශයෙන් පළා ගොස් තිබුණි.

COMMENTS