ප්‍රවීණ රංගන ශිල්පිනි සුසන්තා චන්ද්‍රමාලි ජීවිත රඟමඬලින් බැස යයි

ප්‍රවීණ රංගන ශිල්පිනි සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
කලක සිට රෝගාතුරුව සිටි ඒ මහත්මිය මියයන විට 61 වැනි වියේ පසුවිය.
මුතුපලස, චාරුලතා, දෙනුවර මැණිකේ, ගිරිකුල, කන්දේගෙදර සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය රංගනයෙන් දායක වූ ටෙලිනාට්‍යයන් ය.
සරෝජා, රන්කෙවිට, ප්‍රවේගය ආදී චිත්‍රපට රැසකටද ඇය රංගනයෙන් දායක වී තිබේ.


