සීසන් ඇති සිසුන් සහ පුරවැසියන් මගහැර යන ලංගම බස්රථ රියදුරන්ට වැඩ වරදී

සීසන් ඇති සිසුන් සහ පුරවැසියන් මගහැර යන ලංගම බස්රථ රියදුරන්ට වැඩ වරදී

පාසැල් දරුවන් සහ ලංගම වාර ප්‍රවේශපත්‍ර (සීසන්) ඇති පුරවැසියන් මගහැර ධාවනය වන ලංගම බස්රථ රියදුරන් සම්බන්ධයෙන් 1958 අංකයට දැනුම් දෙන ලෙස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ජනතාවට දැනුම් දෙනවා

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ඔහු මේ බව කියා සිටියා.

මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ මෙවැනි අකටයුතු සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන වන බවත්, මේ පිළිබඳව ලංගම රියදුරන් සහ කොන්දොස්තරවරුන් දැනුවත් කර ඇති බවයි

එමෙන්ම මීනගයා දුම්රිය අනතුරින් මියගිය වන අලින් 6 දෙනා සම්බන්ධ සිදුවීම ඉතාමත් කනගාටුදායක සිදුවීමක් බවත්, එය එසේ සිදුව තිබියදී දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් තමන් සතු GPS දත්ත තාක්ෂණය මෙවන් සිදුවීම් අවම කරගැනීම සඳහා යොදා ගැනීමට කිසිඳු උනන්දුවක් නොදැක්වීම පිළිබඳව සභාපතිවරයා එහිදී සිය අප්‍රසාදය පළ කර සිටියා

මීට අමතරව දුම්රිය දෙපාර්තමේන්තුව තුළ කාර්යක්ෂම කළමනාකරණ පද්ධතියක් සකස් කිරීම සඳහා එම විෂයට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කාරක සභාවක් පිහිටුවීම ද එහිදී සිදු කෙරුණා

COMMENTS