පවුල් සෞඛ්‍ය සේවාවට නිසි ඇගයීමක් ලබා දෙනවා

මෙරට ක්‍රියාත්මක පවුල් සෞඛ්‍ය සේවාව ජනතාවගේ නිසි ඇගයීමකට ලක් වුවත්, රජයක් විසින් එම නිසි ඇගයීමක් එම සේවාවට ලබාදුන්නේ ද යන්න ගැටළුවක් බවත්, මේ දක්වා නොලැබුණු එම ගරුත්වය නව රජය පවුල් සෞඛ්‍ය සේවාවට ලබා දීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ ජාතික සමුළුව අමතමින්.
“රට වෙනුවෙන් ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාවට නැගීමට උරදෙන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ ජාතික සමුළුව“ යන තේමාව යටතේ සංවිධානය කර තිබුණු මෙම සමුළුව කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පසුගියදා (02) පැවැත්වුණා.
මෙරට ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාව සංවර්ධනය කිරීමට පියවර ගනු ලබන්නේ සමස්ත පුරවැසියාට නිරෝගීමත්, ලස්සන ජීවිතයක් උරුම කර දීම වෙනුවෙන් බවත්, නව රජයේ පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් තේමාව සහිත වැඩපිළිවෙළට අනුබද්ධව සෑම පුරවැසියකෙුට ම ලස්සන ජීවිතයක් උරුම කර දීමට රජය සියලු කටයුතු සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මෙම අවස්ථාවට සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සමන්ත කෝරලේආරච්චි, සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ සභාපති, ලේකම් ඇතුළු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් විශාල පිරිසක් එක්ව සිටියා.