පාසල් දරුවන්ව බසයෙන් බැස්වූ කොන්දොස්තරට වැඩ වරදී

නුවරඑළියේදී ලංගම බස් රියකට ගොඩ වූ පාසල් දරුවන්ට බසයෙන් බසින්නැයි කී කොන්දොස්තර වරයකු සියලු රාජකාරී වලින් ඉවත් කළ බව ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභා නායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (7) ප්‍රකාශ කර තිබෙනවා .
සීසන් ටිකට් පත් සහිත දරුවන් මෙන්ම සෙසු අය ලංගම බස් රථ වලින් අනිවාර්යයෙන්ම ප්‍රවාහනය කළ යුතු බවට අමාත්‍යාංශය තීන්දුවක්ද ගෙන තිබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ලංගම ඉහල කළමනාකාරීත්වය විසින් අදාල කොන්දොස්තරවරයාට එරෙහිව සියලු විනය ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළා .
පරීක්ෂණ අවසන් වන තෙක් ඔහු නැවත රාජකාරී සඳහා නොයෙදවීමට ලංගම ඉහල කළමනාකාරීත්වය තීරණය කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ .