ශූරයන්ගේ කුසලානය ඉන්දියාවට

මෙහිදී නවසීලන්ත කණ්ඩායම ලබාදුන් ලකුණු 252ක ඉලක්කය කඩුලු 6ක් දැවී තිබියදී තරගයේ 49වන පන්දුවාරයේදී පසුකර යාමට ඉන්දියාව සමත් විය.
ඉන්දීය කණ්ඩායමට ජයග්‍රාහී ආරම්භයක් ලබාදුන් නායක රෝහිත් ශර්මා ලකුණු 76ක් රැස්කිරීමට සමත් විය.
ඊට අමතරව ශ්‍රෙයාස් අයියර් ලකුණු 48ක් හා කේ. එල්. රාහුල් නොදැවී ලකුණු 34ක් රැස්කළහ.
නවසීලන්තය වෙනුවෙන් මිචෙල් සැන්ට්නර් (2/46) හා මිචෙල් බ්‍රැස්වෙල් (2/28) කඩුලු 2 බැගින් දවාගත්තේය.
මෙය ඉන්දියාව ශූරයන්ගේ කුසලානයක් දිනාගත් 3වන අවස්ථාව ලෙස වාර්තා අතරට එක්විය.
ඒ අනුව ඔවුන් වැඩිම වාර ගණනක් ශූරයන්ගේ කුසලාන දිනාගත් කණ්ඩායම බවට පත්විය.
මීට පෙර ඉන්දියාව 2002 (ශ්‍රී ලංකාව සමග සම ශූරතාව) හා 2013 වර්ෂන්හිදී ශූරතාව ජයග්‍රහණය කර තිබුණි.
එමෙන්ම නවසීලන්තය ශූරයන්ගේ කුසලානයක අනුශූරතාවක් දිනාගත් දෙවන අවස්ථාව මෙයයි.
මීට පෙර ඔවුන් 2009 වසරේදී ද අනුශූරයන් වී තිබුණි.
එක් වරක් ශූරයන්ගේ කුසලානයටද හිමිකම් කියන ඔවුන්, 2000 වසරේදී ඉන්දියාව පරාජය කර එය හිමිකරගෙන තිබුණි.
වසර 8කට පසුව පැවැත්වූ මෙම තරගාවලියේ ජයග්‍රාහකයන්ට ICCය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 2.24ක මුදලක් වෙන්කර තිබුණි.
එය මෙරට වටිනාකමින් රුපියල් කෝටි 65කට අධිකය.
ඒ අනුව එම ත්‍යාග මුදලට හිමිකම්කීමට ඉන්දියාවට හැකිවිය.
එමෙන්ම අනුශූරයන් සඳහාද ඩොලර් මිලියන 1.12ක මුදලක් වෙන්කර තිබුණි.
මීට අමතරව සමස්ත තරගාවලියේ එක් එක් අදියරයන් වෙනුවෙන්ද ICCය විසින් ඩොලර් මිලියන 6.9ක අතිදැවැන්ත මුදලක් වෙන්කර තිබූ අතර, එය රුපියල් කෝටි 203කට අධිකය.