ත්‍රස්ත තර් ජන අඩුම රටවල් අතරට ශ්‍රී ලංකාවත්

2025 ගෝලීය ත්‍රස්තවාදී දර්ශකයට අනුව ත්‍රස්ත තර්ජන අඩුම රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා.
ඒ අනුව, රටවල් 163ක් අතුරින් ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 100 වැනි ස්ථානයයි.
එම දර්ශකයට අනුව බර්කිනා-ෆාසෝ, ලොව ත්‍රස්ත තර්ජන වැඩිම රට ලෙස නම් කෙරුණා.
ආර්ථිකය සහ සාමය සඳහා වූ ජාත්‍යන්තර ආයතනය විසින් 2025 වර්ෂයේ ගෝලීය ත්‍රස්තවාදී දර්ශකය ප්‍රකාශයට කර ඇත්තේ 2024 වසරේ ගෝලීය ත්රස්තවාදයේ බලපෑම පිළිබඳව සිදුකළ විශ්ලේෂණවලට අනුවයි.
ලෝක ජනගහණයෙන් සියයට 99.7ක් ආවරණය වන පරිදි රටවල් 163ක් සඳහා ත්රස්තවාදයේ බලපෑම විශ්ලේෂණය කරමින් එම දර්ශකය සකස් කර තිබෙනවා.
ඒ අනුව ලොව වැඩිම ත්‍රස්තවාදී අවදානමක් ඇති රට ලෙස බර්කිනා-ෆාසෝ නම් කර ඇති අතර දෙවැනි හා තෙවැනි ස්ථානවලට නම් කර ඇත්තේ පිළිවෙලින් පාකිස්තානය හා සිරියාවයි.
මෙම ගෝලීය ත්‍රස්තවාදී දර්ශකයට අනුව ත්‍රස්ත තර්ජන අඩුම රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කර ඇති අතර, ඒ අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 100 වැනි ස්ථානයයි.
2023 වසරේදී මෙම දර්ශකයේ 36 වැනි ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව ස්ථාන 64ක් පහතට එනම් ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර ,දකුණු ආසියානු කලාපයේ ත්‍රස්ත තර්ජන අඩුවීම අතින් වඩාත් දියුණුම රට ලෙස ද ප්‍රකාශයට පත් කෙරුණා.
දකුණු ආසියානු කලාපයේ පසුගිය වසර 5 තුළ කිසිදු ත්‍රස්ත ප්‍රහාරයක් වාර්තා නොවූ රටවල් ලෙස ශ්‍රී ලංකාව සහ භූතානය නම්කර තිබෙනවා.
ශ්‍රී ලංකාවට අමතරව තවත් රටවල් 63 ක් 100 වැනි ස්ථානයේ රැඳී සිටින අතර ලැයිස්තුවේ අවසානය සිම්බාබ්වේ වෙත හිමිව තිබෙනවා.
මේ අතර 2018 වසරේ සිට එක් ත්‍රස්ත ක්‍රියාවක් හෝ වාර්තා වූ රටවල් සංඛ්‍යාව 58 සිට 66 දක්වා වර්ධනය වී ඇති බව ද ගෝලීය ත්‍රස්තවාදී දර්ශකයේ සඳහන්.
එමෙන්ම 2024 වසරේදී මාරාන්තිකම ත්‍රස්ත සංවිධානය ලෙස අයි එස් සංවිධානය හඳුනාගෙන ඇති අතර, රටවල් 22ක සිදුවූ පුද්ගල ඝාතන 1,805කට ඔවුන් වගකිව යුතු බවද එහි දැක්වෙනවා.
අයි එස් (IS) සංවිධානය මෙන්ම ජමාත් නුස්රාත් අල්-ඉස්ලාම් වල් මුස්ලිමීන් (JNIM), ටෙහ්රික් ඊ – තලිබාන් පාකිස්ථාන් (TTP) සහ අල්-ෂබාබ් යන සංවිධානවල ක්‍රියාකාරීත්වය 11%කින් වර්ධනය වී ඇති බවත් 2024 වසරේදී එම සංවිධාන රටවල් 30ක පැතිර ඇති බවත් සඳහන්.