අනුරාධපුර රෝහලේ ආරක්ෂාව සහ පහසුකම් විමර් ෂණ කිරීමට කමිටුවක්

අනුරාධපුර රෝහලේ ආරක්ෂාව සහ පහසුකම් විමර් ෂණ කිරීමට කමිටුවක්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා නිසි ආරක්ෂාව සහ පහසුකම් සැපයීම පිළිබඳ විමර්ශනය කර වාර්තාවක් සැපයීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජයසිංහ මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.

ඒ අනුව එම කමිටුවේ සභාපතිවරයා ලෙස වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ එම්.කේ. සම්පත් ඉන්දික කුමාර මහතා පත් කර ඇති අතර සෙසු සාමාජිකයින් ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ (පාලන) ඩබ්.යූ.කේ. කෘෘස් මහත්මිය සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ විමර්ශන නිලධාරීන් ඕ.බී.ජේ. ද සිල්වා මහතා පත් කර ඇත.

පසුගිය 10 වැනි දින අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා සිදුකර ඇති නිරීක්ෂණයට අනුව එම රෝහලේ සැලකිය යුතු පරිපාලන ඌනතා පසුගිය වසර කිහිපයක් පුරා හඳුනාගැනීමට හැකියාව ලැබී තිබේ.

එමෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයට ආරක්ෂාව සහ පහසුකම් සැපයීම, රෝහලේහි ස්ථාවර හා ජංගම වත්කම් සම්බන්ධව නිසි කළමනාකරණයක් දක්නට නොමැති වීම ආදි හේතු නිසා මෙම තත්ත්වයන් උද්ගත වී ඇති බවත් එහිදී හඳුනාගෙන ඇත.

ඒ අනුව මේ සම්බන්ධව විමර්ශනය කර වාර්තාවක් සැපයීම සඳහා ඉහත කමිටුව පත්කර තිබේ.

ඒ අනුව අවශ්‍ය පරීක්ෂණ කටයුතු සිදුකර ඒ සම්බන්ධයෙන් වන සවිස්තර වාර්තාවක් කමිටුවේ නිරීක්ෂණ හා නිර්දේශයන් ද ඇතුළත්ව මාර්තු 24 දිනට පෙර අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලබාදීමට කටයුතු කරන ලෙසද වෛද්‍ය අනිල් ජයසිංහ මහතා ලිපියක් මගින් විමර්ශන කමිටුව වෙත දැනුම් දී ඇත.

COMMENTS