පෙබරවාරි මාසයේ සංචාරක ප්‍ර වර්ධන ආදායම ඉහළට

ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධන ආදායම පෙබරවාරි මාසයේ දී ඩොලර් මිලියන 37.6ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එය පසුගිය වසරේ එම මාසයට සාපේක්ෂව 6.3%ක වර්ධනයක් බව මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
පසුගිය වසරේ ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම 208,253ක් ලෙස වාර්තා වුණා.
එය මෙම වසරේ ජනවාරි මාසයේ දී 252,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය වසරේ පෙබරවාරි මාසයේ 218,350ක් වූ සංචාරක පැමිණීම මෙම වසරේ පෙබරවාරි මාසයේ දී 240,217ක් බව සංචාරක වාර්තා තහවුරු කරනවා.
මාර්තු මාසයේ මේ වනවිට පැමිණ ඇති සංචාරකයින්ගේ සංඛ්‍යාව 97,322ක්.
පෙබරවාරි මාසයේ දී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්.
රුසියාව , බ්‍රිතාන්‍ය , ජර්මනයි ප්‍රංශය චීනය ඕස්ට්‍රේලියාව පෝලන්තය ඇමෙරිකාව සහ නෙදර්ලන්තය යන රටවලින් ද සංචාරකයින් වැඩි වශයෙන් පැමිණ තිබෙනවා.