ලෙබනනය සහ සිරියාව අතර දේශසීමා අර් බුද උත්සන්න වෙයි

ලෙබනනය සහ සිරියාව අතර දේශසීමා අර් බුද උත්සන්න වී තිබෙනවා.
කසාර් ගම්මානයේ ඇති වූ ගැටුම්වලින් සිරියානු සොල්දාදුවන් තිදෙනෙකු මිය යාමෙන් අනතුරුව එම අර්බුද උත්සන්න වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
හිස්බුල්ලා සටන්කාමීන් සෙනසුරාදා ඊසානදිග ලෙබනනය හරහා සිරියාවට ඇතුළු වී සොල්දාදුවන් තිදෙනෙකු පැහැරගෙන ගොස් ලෙබනන් භූමියේදී ඝාතනය කරන බවට සිරියාවේ අන්තර්වාර රජය චෝදනා කර ඇති බව සඳහන්.