Masters League ශූරතාවය ඉන්දියාවට

International Masters League 2025 විස්ස ක්රිකට් තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට සචින් ටෙන්ඩුල්කාර් නායකත්වය දැරූ India Masters කණ්ඩායම සමත්වී තිබෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය හිමි කරගෙන පළමුව පන්දුවට පහරදුන් West Indies Masters කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07 ක් දැවී ලකුණු 148 ක් රැස් කළා.
ලකුණු 149 ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය India Masters කණ්ඩායම පන්දුවාර 17 එක් පන්දුවකදී කඩුලු 04 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යාමට සමත් වුණා.