රුසියාව යුක්‍රේනයේ රෝහල් දෙකකට ප්‍රහාර එල්ල කරයි

රුසියාව යුක්‍රේනයේ රෝහල් දෙකකට ප්‍රහාර එල්ල කරයි

දින 30ක සටන් විරාමයක් සඳහා වූ ඇමරිකානු යෝජනාව රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු රුසියාව හා යුක්රේනය එකිනෙකාට ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. බොහෝ ප්‍රහාර වල ඉලක්කයන් වී ඇත්තේ යටිතල පහසුකම්.

යුක්රේනයේ උතුරු සුමි කලාපයේ රෝහල් දෙකකට රුසියානු හමුදා ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව යුක්රේන බලධාරීන් පවසනවා.

බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් යුක්රේනය පිළිබඳ සාකච්ඡා සෞදි අරාබියේදී තවදුරටත් පවත්වනු ඇතැයි එක්සත් ජනපද නියෝජිත ස්ටීව් විට්කොෆ් පවසනවා.

පුටින් සහ ට්‍රම්ප් දුරකථන ඇමතුම අතරතුර, යුක්රේනය සහ රුසියාව අතර සිරකරුවන් 175 දෙනෙකු හුවමාරු කර ගැනීමට එකඟ වුණා.

COMMENTS