වැලිකන්ද හිටපු ස්ථානාධිපති අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්

වැලිකන්ද හිටපු ස්ථානාධිපති අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්

වැලිකන්ද පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලොන්නරුව අංක 2 මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට ඊයේ නියෝග කළා.

වැලිකන්ද පොලීසිය මීට මාස කිහිපයකට පෙර ගවයින් 20 දෙනෙකු සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

එහිදී අධිකරණය නියෝග කර තිබුණේ අදාළ ගවයන් රජයේ ගොවිපලකට භාර දීමටයි.

එහෙත් හිටපු ස්ථානාධිපතිවරයා එම නියෝගයට පටහැනිව ක්‍රියා කරමින් ගවයන් යළි ජාවාරම්කරුවන් දෙදෙනාටම විකුණා තිබුණා.

අධිකරණ නියෝගයට පටහැනිව ක්‍රියාකිරීම හේතුවෙනුයි හිටපු ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට අධිකරණය නියෝගය කර ඇත්තේ.

ඔහුට විදෙස්ගමන් තහනමක් ද ලබාදී තිබූ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නිර්නාමික පෙත්සම් මගින් පොලොන්නරුව මහේස්ත්‍රාත්වරයාට කරුනු දක්වා ඇති බව ද වාර්තා වනවා.

එමෙන්ම මහේස්ත්‍රාත්වරයා මේ සම්බන්ධයෙන් පෞද්ගලිකව තොරතුරු සොයා බලා ඇති බවයි වාර්තා වන්නේ.

COMMENTS