ඉතාලි මුහුදේදී සංක්‍රමණික යාත්‍රාවක් පෙරලී යයි

ඉතාලි Lampedusa වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සංක්‍රමණික යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තවත් 40 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.
අප්‍රිකාවේ සිට යුරෝපයට යාමට උත්සාහ කළ සංක්‍රමණික යාත්‍රාවක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අතුරුදන් වී සිටින පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක අතර සංක්‍රමණිකයින් 10 දෙනෙකු පමණ බේරාගැනීමට මුදාගැනීමේ කණ්ඩායම් සමත් වී තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ යාත්‍රාවේ 56 දෙනෙකු පමණ සිට ඇති බව සඳහන්.
ඉතාලි බලධාරීන් පවසන්නේ මෙම වසරේ ආරම්භයේ සිට පසුගිය 18 වනදා දක්වා මධ්‍යධරණී මුහුද හරහා අක්‍රමවත් සංක්‍රමණිකයන් 8,743 දෙනෙකු එරටට පැමිණ ඇති බවයි.
එය පසුගිය වසරට සාපේක්ෂව ඉහළ යාමක් වන අතර සංක්‍රමණිකයන් 140 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ දත්ත පෙන්වාදී ඇත්තේ.