මෙවර අයවැය දත්ත මත පදනම්ව විද්‍යාත්මකව හා සැලසුම් සහගතව ක්‍රියාත්මක වන අයවැයක්

මෙවර අයවැය දත්ත මත පදනම්ව විද්‍යාත්මකව හා සැලසුම්සහගතව ක්‍රියාත්මක වන අයවැයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නිලධාරීන් සමග ද ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයී.
ඉතිහාසයේ විවිධ රජයන් ණය ලබාගැනීමේදී එම ණය ආපසු ගෙවීම මගින් ආර්ථිකයට සිදු වන බලපෑම අධ්‍යනය කර නොමැති බවයි මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කර තිබෙන්නේ.
එහෙත් තම රජය එවැනි අවිධිමත් ණය ලබාගැනීම් හෝ අවිධිමත් ආර්ථික ක්‍රියාකාරකම් සිදු නොකරන බවත් ආර්ථික තිරසාරත්වය කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමු කර ඇති බවත් මෙහිදී විශේෂඥ වෛද්‍යරුවරුන් හමුවේ ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.
තම සංගමයට සේවා ව්‍යාවස්ථාවක් සැකසීම මෙන්ම වෘත්තීය ගැටලු පිළිබඳවත් විශේෂඥ වෛද්‍යවරුන් ජනාධිපතිවරයා දැනුවත් කර තිබෙනවා.
මෙවර අයවැයෙන් සිදු කරන ලද මූලික වැටුප් වැඩි කිරීම, විශ්‍රාම වැටුප්තල ඉහළ දැමීම හා ආදායම් බදුසීමාව ඉහළ දැමීම වැනි කරුණු පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන් රජයට සිය ප්‍රසාදය පල කර තිබෙනවා.
සෞඛ්‍ය සේවකයින්ගේ ආරක්ෂාව ඇතුළු කරුණ රැසක් සහිත යෝජනා මාලාවක් ද මෙහිදී ජනාධිපතිවරයා වෙත භාරදී ඇති බවයි වාර්තා වන්නේ.
අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ඩී.කේ.එස්.එන් යසවර්ධන මහතා ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක් වුණා.