අප්‍රේල් 5 ඉන්දීය අගමැති දිවයිනට

අප්‍රේල් 5 ඉන්දීය අගමැති දිවයිනට

එළැඹෙන අප්‍රේල් මස 5 වන දින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දිවයිනට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

සාම්පූර් බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ඒ සමගම ආරම්භ කිරීමට නියමිත බව ද පැවසු ජනාධිපතිවරයා, රටේ ස්ථාවරභාවය හේතුවෙන් මෙලෙස රාජ්‍ය නායකයෙකු ලංකාවට පැමිණෙන බව ද පැවසීය.

මාස දෙකක් ඇතුළත සියඹලාණ්ඩුවේ නව සූර්යය බලාගාරයකුත් මන්නාරමේ නව සුළං බලයෙන් නිෂ්පාදනය කරනු ලබන මෙගාවොට් 50ක බලාගාරයකුත් සෑදීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

COMMENTS