ජනපතිගේ අයවැය පිළිතුරු කතාව

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට අයවැය පිළිතුරු කතාව සිදුකරමින් සිටී.
අද (21) සවස 5.40ට පමණ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණියේ අයවැය කාරක සභා විවාදය අතරතුරය.
අයවැය කාරක සභා විවාදයේ අවසන් දිනය අදයි.
ඒ අනුව අද දිනයේ ද මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යශයේ වැය ශීර්ෂ විවාදය පැවැත්වුණි.
උදැසන 10.00ට විවාදය ආරම්භ වූ අතර පස්වරු 6.00ට විවාදය අවසන් වීමෙන් පසු අයවැය තුන්වනවර කියවීමේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව තිබේ.
මෙම වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පෙබරවාරි 17 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
ඒ අනුව දින 07 කාලයක් විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවති අතර පෙබරවාරි 25වන දින දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වුණි.
එහිදී අය වැය දෙවන වර කියවීම වැඩි ඡන්ද109කින් සම්මත වූ අතර අයවැයට පක්ෂව ඡන්ද 155ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 46 පමණයි.