ජෙට් යානයක් කඩා වැටෙයි – විශේෂ පරික්ෂණයකුත් (Photos)

ජෙට් යානයක් කඩා වැටෙයි – විශේෂ පරික්ෂණයකුත් (Photos)

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් කඩාවැටීමෙන් සිදු වූ අනතුර පිළිබඳ විමර්ෂණයට ගුවන් හමුදාපතිවරයා විසින් විශේෂ පරික්ෂණ කමිටුවක් පත්කර ඇත.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ විසින් 7ත් දෙනෙකුගෙන් යුත් විශේෂ පරික්ෂණ කමිටුවක් මේ සඳහා පත්කළ බව ගුවන් හමුදාව පවසයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක මුලික කඳවුරේ පිහිටි ගුවන් හමුදා අංක 05 ප්‍රහාරක බලඝණයට අනියුක්ත කරඇති ගුවන් නියමුවන්ගේ උසස් පුහුණවිමි සඳහා යොදාගනු ලබන K – 8 වර්ගයේ ගුවන් යානයක් අද (21) පෙරවරුවේ පුහුණුවිමක් අතරතුර වාරියපොල පාදෙණිය ප්‍රදේශයේදි හදිසි අනතුරකට ලක්විය.

කෙසේ නමුත් එම යානයේ සිටි ගුවන් නියමු නිළධාරින් දෙදෙනා ගුවන් යානයෙන් ආරක්ෂිතව ඉවත්වි කුරුණෑගල පාදෙණිය මිනුවන්ගැටේ විද්‍යාලය පරිශ්‍රයට පැරිෂුටි ආධාරයෙන් ගොඩබසිනු ලැබූහ.

මෙම ගුවන් යානයේ ප්‍රධාන පුහුණු උපදේශක ගුවන් නියමුවරයා හා පුහුණු ගුවන් නියමු නිළධාරිවරයා ගමන් කර ඇති අතර, එම නිළධාරින් මේ වනවිට කුරුණෑගල ජාතික රෝහලට ඇතුලත් කර ඇත.

මෙම ගුවන් යානය ගුවන් හමුදා කටුනායක මුලික කදවුරෙන් පෙ.ව. 7.27ට පමණ ගුවන්ගතවී ඇති බවත් පෙ.ව. 7.55ට පමණ මෙම අනතුර සිදුවී ඇති බවත් ගුවන් හමුදාව පවසයි.

COMMENTS