පොල්දූව මංසන්ධියේ උණුසුම් තත්ත්වයක්

විරෝධතාවයක් හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම අසල පොල්දූව මංසන්ධියේ උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.
රැකියා විරහිත උපාධිධාරීන් විසින් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විරෝධතාවක නිරත වන අතර, ඔවුන් සහ පොලීසිය අතර මෙම උණුසුම් තත්ත්වය නිර්මාණය වී තිබෙනවා.
අදාළ ස්ථානයේ විරෝධතා පැවැත්වීමෙන් වළකින ලෙසට මේ වනවිට අධිකරණ නියෝගයක් ද නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.