ගුරු සේවයට බඳවා ගැනීමට අයදුම්පත් කැඳවයි

ගුරු සේවයට බඳවා ගැනීමට අයදුම්පත් කැඳවයි

ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බදවා ගැනීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල 2020/2022 වර්ෂවල පාඨමාලා හදාරන ලද ශික්ෂණලාභීන්ට ගුරු පත්වීම් ලබාදීම සඳහා වන තොරතුරු රැස්කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට නියමිත බව එහි සඳහන්.

ඒ අනුව teacher.moe.gov.lk ඔස්සේ එහි ඇති උපදෙස් පරිදි 2025.03.20 දින සිට 2023.03.28 දින දක්වා එම ශික්ෂණලාභීන්ට ‍මේ සඳහා අයදුම් කළ හැකියි.

මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිසීමෙන් ලබා ගත හැකි බවද අමාත්‍යංශ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

COMMENTS