ඩෙංගු ව්‍යාප්තිය මර්දනයට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් තෙදින වැඩසටහනක්

ඩෙංගු ව්‍යාප්තිය මර්දනයට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් තෙදින වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා
ඒ අනුව ලබන 27, 28 සහ 29 දිනයන්හි දී එම වැඩසටහන පැවැත්වෙන අතර එහි දී අවදානම් කොට්ඨාස වල පවතින නිවාස, පාසල්, වැඩබිම්, ආයතන, කර්මාන්තශාලා, ආගමික ස්ථාන, පොදු ස්ථාන සහ වෙනත් පරිශ්‍රයන්, ක්ෂේත්‍ර පරීක්ෂක කණ්ඩායම්වල සහභාගීත්වයෙන් මෙම නිරීක්ෂණ කටයුතු සිදු කරනු ලබන බව සඳහන්
මෙම තත්ත්වය අවම කර ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් ඩෙංගු මර්දන විශේෂ ක්ෂේත්‍ර වැඩසටහනක් දැනට පවතින දත්ත පදනම් කර ගනිමින් කොළඹ මහ නගර සීමාව ඇතුළු ව ගම්පහ, කළුතර, මාතර, මාතලේ, මඩකලපුව, රත්නපුර, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 37 ක පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා
මෙම වසරේ ගත වූ කාලය තුළ ශ්‍රී ලංකාව පුරා ඩෙංගු රෝගීන් 10,886 ක් වාර්තා වී ඇති අතර එය 2024 එම කාල සීමාව සමඟ සැසදීමේ දී 43.4% ක අඩුවීමක්.
කෙසේ වෙතත් මේ දිනවල කඩින් කඩ පවතින වර්ෂාව හේතුවෙන් ඉදිරි දිනවල දී ඩෙංගු රෝගීන් වාර්තාවීම වැඩිවීමේ අවදානමක් පවතින බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ
මෙම ක්ෂේත්‍ර පරීක්ෂක කණ්ඩායම් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ ස්වේච්ඡා සේවකයන්ගෙන් සමන්විත වන අතර එම පිරිස් අදාළ ප්‍රදේශයන් හි නිවාස, පරීශ්‍රවල මදුරුවන් බෝවීම වැළැක්වීම සඳහා අවශ්‍ය දැනුවත් කිරීම් ද මෙම වැඩසටහනට සමගාමීව සිදු කිරීමට නියමිතයි
ඕනෑම පරිසරයක ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානම්ක් ඇති හෙයින් අවම වශයෙන් සතියකට විනාඩි 30 ක් මේ පිළිබඳව සොයා බැලීම සිදු කර මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කරන ලෙසයි ජාතික ඩෙංගු මර්දන ඒකය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ
තවද, යම් අයෙකුට තද උණ සමඟ හිසරදය, මස්පිඩු හා සන්ධි වේදනාව, ඔක්කාරය හා වමනය, සමෙහි රතුපැහැ ලප හටගැනීම හා රුධිරවහන තත්ත්ව ඇත්නම් වහාම රෝහලකට හෝ සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් වෙත ගොස් නිසි ප්‍රතිකාර ලබාගන්නා ලෙස ද ජාතික ඩෙංගු මර්දන ඒකකය ඉල්ලා සිටිනවා
මීට අමතරව උණ පාලනය කරගැනීම සඳහා පැරසිටමොල් ඖෂධය පමණක් ලබාගන්නා ලෙසත් NSAID කාණ්ඩයේ ඖෂධ (ඇස්ප්‍රීන්, මෙෆෙනමික් ඇසිඩ්, ඉබියුප්‍රොෆෙන්, ඩයික්ලොෆෙනැක්) හා Steroids කාණ්ඩයේ ඖෂධ (ප්‍රෙඩ්නිසොලෝන්, ඩෙක්සාමෙතසෝන්) භාවිතයෙන් වළකින ලෙසත් ජාතික ඩෙංගු මර්දන ඒකකය මහජනතාවට දැනුම් දෙනවා