පොලීසියේ ඉහළ පුටු කිහිපයක වෙනසක්

පොලීසියේ ඉහළ පුටු කිහිපයක වෙනසක්

ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණය පරිදි සහ මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය මත පහත සඳහන් රාජ්‍ය නිවේදිත නිලධාරීන් වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් හා පත් කිරීම් ලබා දී තිබේ.
ඒ අනුව එම පත් කිරීම් මෙසේය.

නියෝජ්‍ය පොලිස්පති (රා/ඉ) ඩී.එම්.යූ.එම්.දිසානායක මහතා

මහනුවර හා මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීමේ සිට විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා

නියෝජ්‍ය පොලිස්පති (රා/ඉ) ඩබ්.ඒ.ජේ.විශාන්ත මහතා
මඩකලපුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීමේ සිට අගමැති ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා පත් කර තිබේ.