තවත් හෙද හෙදියන් 140ක් සේවයට එක්වෙයි

වත්මන් රජය මගින් මෙරට ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රාථමික සෞඛ්‍ය සේවා සංවර්ධන වැඩසටහන යටතේ ජනතාවට පහසුවෙන් ළඟා විය හැකි ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන දහසක් ස්ථාපිත කර මෙරට ජනතාව සුවපත් කරන කාර්යයේදී හෙදියන්ට විශාල වගකීමක්, කාර්යක් පැවරෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරනවා.
ලේකම්වරයා මේ බව අවධාරණය කර සිටියේ පසුගියදා අම්පාර හෙද විදුහලේ පැවති 2020 – A සිසු හෙද කණ්ඩායම සඳහා හිස්වැසුම් පැළඳවිම සහ සේවයට කැපවීමේ උළෙලට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක්වෙමින්.
හෙද සිසු සිසුවියන් සඳහා වන තුන් අවුරුදු පාඨමාලාවේ පළමු වසරේ න්‍යායික සහ ප්‍රායෝගික පුහුණුව සාර්ථකව අවසන් කරන ලද සිසු සිසුවියන් 140 ක් සඳහා මෙහිදී හිස් වැසුම් පැළදවිම සහ සේවයට කැපවීම සිදු කෙරුණා.
අම්පාර හෙද විදුහල ස්ථාපිත කිරීමෙන් පසු එහි සේවයට කැපවන 18 වන සිසු හෙද කණ්ඩායම මෙය වෙනවා.