දේශබන්දුට එරෙහි යෝජනාවට සජිත්ගේ සහාය

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ගෙන එන ඕනෑම යෝජනාවකට සිය පක්ෂය සහාය ලබා දෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අද පැවැති උත්සවයකදී අදහස් දක්වමින් විපක්ෂනායකවරයා පැවසුවේ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති කරනු ලැබුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බවය.
එහිදි සිය පක්ෂය ඊට විරුද්ධ වූ බවත් පැවසූ විපක්ෂ නායකවරයා දේශබන්දු තෙන්නකෝන් මහතා ඒ සඳහා පත් කිරීමට හිටපු ජනාධිපතිවරයා මෙන්ම කථානායකවරයාද වගකිව යුතු බවද මෙහිදී පැවසීය.