සත්ත්ව සංගණනයේ වාර් තාව හෙට

සත්ත්ව සංගණනයේ වාර් තාව හෙට

වන සතුන් සම්බන්ධයෙන් සිදු කළ සංගණනයට අනුව එම සතුන් කළමනාකරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩි.ලාල්කාන්ත මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ, වගා හානි සිදු කරන රිළවුන්, වඳුරන්, මොනරුන්, දඬුලේනන් සම්බන්ධයෙන් පසුගියදා සිදුකළ සංගණනයේ වාර්තාව හෙට (28) දිනයේ එළිදැක්වීමට බලාපොරොත්තු වන බවයි.

මහනුවර ප්‍රදේශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩි. ලාල්කාන්ත මහතා මෙම අදහස් පළ කළා.