සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සුදත්තට එරෙහිව පැමිණිල්ලක්

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සුදත්තට එරෙහිව පැමිණිල්ලක්

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සුදත්ත තිලක්සිරි නැමැත්තා ‘සිරි දළදා දැක්මට’ පහසුකම් සැපයීමට බව පවසමින් සංවිධානයක් පිහිටුවාගෙන මූල්‍ය වංචාවක් සිදු කර ඇති බවට චෝදනා කරමින් පාර්ශ්ව කිහිපයක් ඊයේ (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි සහ කරුණු ඉදිරිපත් කර තිබුණා.

ඔවුන් ඉල්ලා සිටින්නේ මෙම වංචාවට සම්බන්ධ වූවන් කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙසයි.

ප්‍රගතිශීලී තරුණ ව්‍යාපාරයේ නියෝජිතයින් පිරිසක් විසිනුයි මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැමිණිලි කර තිබෙන්නේ.

ලබන මස ආරම්භ වීමට නියමිත මෙම සිරි දළදා දැක්මට පැමිණෙන සැඳැහැවතුන්ට වැසිකිළි පහසුකම් සැපයීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව පවසමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් වන සුදත්ත තිලකසිරි නැමැත්තා පුද්ගලයින්ගෙන් මුදල් එක්රැස් කරමින් මූල්‍ය වංචාවක් සිදු කර ඇතැයි ඔවුන් වැඩිදුරටත් චෝදනා කරනවා.

මේ අතර ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න මහතාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා.

ඒ මීට අදාළව ප්‍රකාශයක් ලබාදෙන්නැයි එම දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය කළ දැනුම්දීමකට අනුවයි.

COMMENTS