ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවේදී

ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවේදී

ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය මෙවර ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.

12 වැනි වරටත් පැවැත්වෙන මෙම තරගාවලිය සැප්තැම්බර් මස 27වනදා සිට ඔක්තොබර් මස 5වනදා දක්වා තලවතුගොඩදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

වසර 21කට පසු ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙම ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකාවට අමතරව ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, එංගලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සිංගප්පූරුව නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගීවීමට නියමිතය.

මෙම තරගාවලිය විවෘත පිරිමි, විවෘත කාන්තා, වයස අවුරුදු 22න් පහළ පිරිමි සහ කාන්තා කාණ්ඩ ලෙස කාණ්ඩ 4ක් ඔස්සේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

1995 වසරේදී පළමුවරට එංගලන්තයේ සත්කාරකත්වය යටතේ ආරම්භ කරනු ලැබූ මෙම තරගාවලියට ශ්‍රී ලංකාව 2004 වසරේදී සත්කාරකත්වය ලබාදෙන ලදී.

COMMENTS