බැංකොක් නුවරට හදිසි තත්ත්වයක්

බැංකොක් නුවරට හදිසි තත්ත්වයක්

මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පසුව, තායිලන්තයේ බැංකොක් නුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් අද (28) දහවල් රික්ටර් මාපකයේ ඒකක 7.7ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදු වුණා.

භූ කම්පනයෙන් මියන්මාරයේ මෙන්ම තායිලන්තයේ බැංකොක් අගනුවර ද ගොඩනැගිලි කිහිපයකට හානි සිදුවී ඇති අතර, බැංකොක් නුවර මහල් ගොඩනැගිල්ලක් ද කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර මැන්ඩලේ ගුවන් තොටුපොළේ මගී ජනතාව සහ කාර්ය මණ්ඩලය ඉන් ඉවත් කිරීමට මේ වනවිට පියවර ගෙන ඇති බවද වැඩිදුරටත් සඳහන්.

COMMENTS