A /L ප්‍රතිඵල ගැන අසත්‍ය පුවතක් පැතිරෙයි – රැවටෙන්න එපා

A /L ප්‍රතිඵල ගැන අසත්‍ය පුවතක් පැතිරෙයි – රැවටෙන්න එපා

2024 අ.පො.ස. (උ/පෙළ) විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් මේ වන විට විවිධ මුද්‍රිත හා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත අසත්‍යය බවයි ඒ මහතා සඳහන් කළේ.

2024.11.25 දින සිට 2024.12.31 දින දක්වා 2024 අ.පො.ස. (උ/පෙළ) විභාගය පැවැත්වුණා.

එවැනි අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

COMMENTS