පළමු මාස තුනේ සංචාරකයන්ගේ පැමිණීම ලක්ෂ 6 ඉක්මවයි

මෙම වසරේ ජනවාරි පළමුවැනිදා සිට මාර්තු 26වනදා දක්වා කාලය තුළ සංචාරකයන් හය ලක්ෂ 84,960 දෙනෙකු මෙරටට පැමිණ තිබෙන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන් මාර්තු මස පළමු දින 26 තුළ පමණක් මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් ගණන ලක්ෂ 2කට (191,982) ආසන්නය.
ඒ අනුව මේ වසරේ ඉලක්කය වන විදෙස් සංචාරකයින් මිලියන 3ක් මෙරටට ගෙන්වා ගැනීම සඳහා පියවර රැසක් ගනිමින් සිටින බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් චමින්ද රණසිංහ මහතා පවසයි.
වැඩිදුරටත් අදහස් දැක් වූ රුවන් චමින්ද රණසිංහ මහතා,
“අපි ඉලක්ක කරලා තියෙන්නේ ඉන්දියාව, මැද පෙරදිග, ජපානය, ඔස්ට්‍රේලියාව, අමෙරිකා එක්සත් ජනපදය, චීනය යන රටවලින් සංචාරකයන් ආකර්ශනය කරගන්න.
මේ වසර අවසානයේ ජාත්‍යන්තර සර්ෆින් තරගාවලියක් අපි සැලසුම්කර තිබෙනවා. ඒ සඳහා ඔස්ට්‍රේලියාවේ කණ්ඩායම් එකතුකරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ අයගේ සහයෝගයෙන් නැගෙනහිර වෙරළ තීරයට ඉතාමත් හොද කාලසීමාවක් වෙයි කියලා හිතනවා” යැයි පැවසීය.