රාමසාන් වෙනුවෙන් මුස්ලිම් පාසල්වලට ලැබෙන නිවාඩුව ගැන දැනුම්දීමක්

රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබා දීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සඳහන් ව ඇත්තේ එළැඹෙන 31 වැනි දිනට අමතරව එළැඹෙන 01 වැනි දිනද මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබා දීමට අමාත්‍යංශය තීරණය කර ඇති බවය.
එමෙන්ම මෙම නිවාඩු සඳහා හිලව් සැසි පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බවත් එහි සඳහන් ව තිබේ.