සෑම දිනකම පැය 2කට වැසෙන යාල

සෑම දිනකම පැය දෙකක් යාල ජාතික වනෝද්‍යානය සංචාරකයින් සඳහා වසා තැබීමට තීරණය කර තිබේ.
ඒ, පවතින උණුසුම් කාලගුණයෙන් වන සතුන්ට වන පීඩා අවම කිරීමේ අරමුණින්.
වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යහන 12 සිට පස්වරු 2 දක්වා එලෙස වනෝද්‍යානය වසා තැබෙන බවයි.
එම කාලසීමාවේ පැමිණෙන සංචාරකයින් පටනංගල සංචාරක විවේකාගාරය තුළ රැඳී සිටිය යුතු වේ.