තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය ලබන 5 වැනිදා අවසන්

තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය ලබන 5 වැනිදා වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බව රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, තැපැල් ඡන්ද පත්‍රිකා ලක්ෂ 7 ක් මෙවර මුද්‍රණය කරන බවයි.
තැපැල් ඡන්ද පත්‍රිකා ලබන 7 වැනිදා නිකුත් කරන බව, මැතිවරණ කොමිසම පවසයි.
එහි සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සඳහන් කළේ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදි එම කටයුතු සිදුකෙරෙන බවයි.
පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය, ලබන 22, 23, 24 දිනවල පැවැත්වෙයි.
එම දිනවල ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවන ඡන්ද දායකයින්ට, අප්‍රේල් 28 හා 29 යන දිනවල ද, ඡන්දය සලකුණු කළ හැකියි.