පේරා⁣දෙණියේ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

පේරා⁣දෙණියේ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

පේරාදෙණිය, ඒදඩුවාව ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් පෙරළී යෑමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (30) රාත්‍රී 8ට පමණ අනතුර සිදුව තිබූ අතර, ත්‍රීරෝද රථය ක්‍රීඩා පිටියකට පෙරළී ගොස් තිබුණි.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, බෝයගම හා හෙන්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි සහ 53 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

ත්‍රීරෝද රථය රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව බෑවුමකට පෙරළී අනතුර සිදුව ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ දී රියදුරු ඇතුළුව පුද්ගලයින් සිව්දෙනෙකු රථයේ සිට ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ පිටුපස අසුනේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකි.

පේරාදෙණිය පොලීසිය පරීක්ෂණ පවත්වන අතර දේහයන් පේරාදෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

COMMENTS