උත්සව සමය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක්

උත්සව සමය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක්

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන ජනතාවගේ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා.

ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස සඳහන් කළේ උත්සව කාලය සඳහා ජනතාවගේ පහසුව වෙනුවෙන් අතිරේක බස් රථ 500ක් යෙදවීමට සැලසුම් කර ඇති බවයි.

මෙම විශේෂ බස් රථ සේවය අදියර 02ක් යටතේ ක්‍රියාත්මක වන අතර එහි පළමු අදියර ලබන 09 වනදා සිට 13වනදා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනූව, උත්සව සමය අවසන් වීමෙන් පසු ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණිමට මේ මස 16 වැනිදා සිට 20 වැනිදා දක්වා ද විශේෂ බස් රථ සේවාවක් දෙවැනි අදියර ලෙස ක්‍රියාත්මක කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා පවසා සිටියා.

COMMENTS