හයිලන්ඩ් යෝගට් සහ දියර කිරි මිල පහළට

හයිලන්ඩ් යෝගට් සහ දියර කිරි මිල පහළට

හයිලන්ඩ් යෝගට් සහ දියර කිරි මිල අද(1) සිට පහළ දමා තිබෙනවා .

යෝගට් එකක මිල රුපියල් 10 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 70 ක් .

මිලිලීටර් 450 කල් තබා ගැනීමේ දියර කිරි පැකට්ටුවක් රුපියල් 25 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 200 ක් වෙන බවයි සඳහන් වන්නේ .

මිලිලීටර් 900 කල්තබා ගැනීමේ දියර කිරි පැකට්ටුවක මිල අඩු කර ඇත්තේ, රුපියල් 60 කින් .

එහි නව මිල රුපියල් 380 ක් .

මිල්කෝ සමාගම පැවසුවේ, මිලිලිටර් 450 දින තුනක දියර කිරි පැකට්ටුවක් රුපියල් 30 කින් පහළ දමා ඇති බවයි.

COMMENTS