කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීමට අතුරු තහනමක්

කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීමේ කටයුතු අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ සිය නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් කිහිපයක් ඉදිරිපත් කළ රිට් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමිනි.
ඒ අනුව මෙම පෙත්සම්වලට අදාල විරෝධතා මැයි 05 වනදාට පෙර ගොනුකරන ලෙස විනිසුරු මඩුල්ල විසින් නියෝග කළේ ය.
ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා මැයි මස 07 වැනිදාට පෙර ගොනුකරන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශවයට නියම කළේ ය.
ඉන් අනතුරුව පෙත්සම් විභාගය මැයි මස 16 වැනිදා පැවැත්වීමට ද දින නියම විය.
එදින තෙක් අදාල අතුරු නියෝගය බල පැවැත්වෙන බවත් නියෝගයේ සඳහන්.
නියමිත කාල සමාව තුළ අදාළ නාමයෝජනා භාර නොදුන් බවට චෝදනා කරමින් නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට තේරීම් භාර නිලධාරීන් ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.