එංගලන්ත කණ්ඩායමට නව නායකයෙක්

එංගලන්ත කණ්ඩායමට නව නායකයෙක්

එංග­ලන්ත ක්‍රිකට් කණ්ඩා­යමේ සීමිත ඕවර (එක්දින හා විස්සයි20) නව නාය­කයා ලෙස මැද පෙළ පිති­කරු හැරී බෲක් පත්කර තිබෙනවා.

පාකි­ස්තා­නයේ සත්කා­ර­ක­ත්ව­යෙන් නිමාවූ ශූර­යන්ගේ කුස­ලාන තර­ගා­ව­ලි­යේදී එංග­ලන්ත පිල මෙහෙ­යවූ ජොස් බට්ලර් සීමිත ඕවර නාය­ක­ත්වයේ ඉව­ත්වීම හේතු­වෙන් උප නාය­කයා ලෙස කට­යුතු කළ බෲක් එම තන­තු­රට පත් කිරී­මට කට­යුතු කර තිබෙනවා.

ඔහුගේ නාය­ක­ත්වය යටතේ එංග­ල­න්තය ලබන මස අගදී සංචා­රක බට­හිර ඉන්දීය කොදෙව් පිලට එරෙ­හිව විස්සයි20 තරග 3ක් සහ එක්දින තරග 3ක් ක්‍රීඩා කිරී­මට නිය­මි­තයි.

2022 වසරේ ජගත් පිටි­යට පිවිසි 26 හැවි­රිදි බෲක් එක්දින තරග 26කදී සහ විස්සයි20 තරග 44කදී එංග­ලන්ත පිල නියෝ­ජ­නය කර තිබෙනවා.

COMMENTS