රාත්‍රි සමාජ ශාලාවක වහල කඩා වැටී පුද්ගලයින් 79ක් මරුට

රාත්‍රි සමාජ ශාලාවක වහල කඩා වැටී පුද්ගලයින් 79ක් මරුට

ඩොමිනික් රාජ්‍යයේ අගනුවර වන සැන්ටෝ ඩොමින්ගෝ හි රාත්‍රි සමාජ ශාලාවක වහලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 79 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ ඉන් තවත් පුද්ගලයින් 160 දෙනෙකු තුවාල තුවාල ලබා ඇති බවය.

ආණ්ඩුකාරවරයෙකු සහ හිටපු බේස්බෝල් ක්‍රීඩකයෙහකු මියගිය පිරිස අතර වන බව සඳහන්ය.

වහලය කඩා වැටෙන අවස්ථාවේ එහි ගායනයේ යෙදී සිටි ප්‍රකට ගායකයෙකු සුන්බුන් අතර සිරවී සිටි බව වාර්තා වේ.

අනතුර සිදුවන අවස්ථාවේදී විශාල පිරිසක් එහි රැඳී සිට ඇති අතර සුන්බුන් අතර සිරවූවන් සෙවීම සඳහා 400ක පිරිසක් කටයුතු කරමින් සිටී.

විදෙස් වාර්තා සඳහන් කළේ, මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවය.

COMMENTS