ඡන්ද‍ පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු අදින් ඇරඹෙයි

ඡන්ද‍ පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු අදින් ඇරඹෙයි

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීමේ කටයුතු අද සිට ආරම්භ වනවා.

එම කටයුතු ලබන 29 වනදා දක්වා සිදු කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරනවා.

මේ මස 20 වන ඉරිදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස නම් කර තිබෙනවා.

පළාත් පාලන ආයතන 250 කට ආසන්න සංඛ්‍යාවක ඡන්ද විමසීම නියමිත පරිදි පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර තහනම් නියෝග නිකුත් කර ඇති ආයතන සම්බන්ධයෙන් ඉදිරි කටයුතු එම නඩු විභාගයෙන් පසු තීරණය කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසනවා.

එමෙන්ම මෙම මැතිවරණයට අදාළව භාර දෙන ලද නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබේනම් එම පෙත්සම්වල හා නඩු තීන්දුව පිටපත් යොමු කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටිනවා.

එම පිටපත් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ද ලබාදීමට කටයුතු කරන ලෙස කොමිසම තවදුරටත් ඉල්ලා සිටිනවා.

COMMENTS