ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගෙනා තරුෂි අභිෂේකා

වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ ඊයේ (18) පැවති තරගයකින් රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂේකා සමත් වී තිබෙනවා.
කාන්තා මීටර් 800 තරගය ඇය තත්පර 2.14.86කින් තරගය අවසන් කරමිනුයි රන් පදක්කම ලබා ගැනීමට සමත් වුණේ.
මීට අමතරව අද පස්වරුවේ පැවති පිරිමි මීටර් 800 තරග ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ ශවිඳු අවිශ්ක විසින් දිනාගෙන තිබෙනවා.
තත්පර 1.53.41කින් සිය ඉසව්ව අවසන් කර අචින්ත මෙම පදක්කමට ළඟා වුණා.