පාස්කු ඉරු දින දේව මෙහෙයන්ට විශේෂ පොලිස් ආරක්ෂාවක්

අද (20) දිනයේ පැවැත්වෙන පාස්කු ඉරු දින දේව මෙහෙයන් සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සියළුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර නිලධාරීන් ඇතුළු සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා
බැතිමතුන් වැඩි වශයෙන් පැමිණෙන දේවස්ථාන හඳුනාගෙන එම ස්ථානයන්හි හා ඒ අවට ආරක්ෂාව තහවුරු කරමින් ප්‍රධාන දේවමෙහෙයන් පැවැත්වෙන දේවස්ථාන සඳහා වැඩි අවධානයක් යොමු කර ආරක්ෂක පියවර ගන්නා ලෙසයි දැනුම් දී ඇත්තේ
ඒ අනුව පොලිස් නිලධාරීන්, විශේෂ කාර්ය බලකාය, ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ බුද්ධි අංශ මේ වන විටත් නිසි ආරක්ෂක සැලසුම් ක්‍රියාත්මක කර පවත්වාගෙන යාම සිදු කරනු ලබන බව සඳහන්