ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරයකින් 26ක් මරුට

ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීර් ප්‍රාන්තයේ දේශීය සංචාරකයින් ඉලක්ක කර එල්ල වු ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වෙඩි ප්‍රහාරයට ලක් ව තුවාල ලැබූ තවත් පිරිසක් රෝහල් ගත කර ඇති බවයි.
ජම්මු සහ කාශ්මීර් ප්‍රාන්තයේ, පහල්ගම් ප්‍රදේශයට පැමිණි සිව් දෙනෙකුගෙන් යුත් ත්‍රස්ත කණ්ඩායමක් එම වෙඩි තැබිම සිදු කර තිබේ.
ඒ අමෙරිකාවේ නිෂ්පාදිත ගිනි අවි භාවිතා කරමින් ය.
එම වෙඩි තැබීමෙන් මියගිය පිරිස් කර්නාටක ,මහාරාශ්ඨ, ගුජරාට් ඇතුළු ප්‍රදේශ කිහිපයක දේශීය සංචාරකයින් බව සඳහන් වේ.
ප්‍රහාරයත් සමග ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා හදිසි ආරක්ෂක රැස්වීමක් පැවැත්වීමට කටයුතු කර තිබේ.
මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ යුරෝපා සංගමයේ ප්‍රධානී ඇතුළු රටවල් කිහිපයක නායකයින්ද ප්‍රහාරය හෙළා දැක තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය X ගිණුමේ ත්‍රස්ත ප්‍රහාරය හෙළා දැක ඇති අතර හැකි ඉක්මණින් අපරාධකරුවන් නීතියේ රැහනට ගැනීමට කටයුතු කරන බව සහ ත්රස්තවාදයට එරෙහිව සටන් කිරීමට ශක්තිමත්ව කටයුතු කරන බව සිය එක්ස් ගිණුමේ සටහන් කරන ලදී.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ ත්රස්තවාදයට එරෙහිව කටයුතු කිරිම සඳහා තමන් ඉන්දියාව සමග ශක්තිමත්ව සිටින බවයි.