ක්‍රිකට් පිටියේ “බර අවි” එකට ගැටෙන ලෙජන්ඩ් ලීග් අද ඇරඹෙයි

ක්‍රිකට් පිටියේ “බර අවි” එකට ගැටෙන ලෙජන්ඩ් ලීග් අද ඇරඹෙයි

විශ්‍රාමික ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ලෙජන්ඩ් ලීග් (Legends League) ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා.

තරඟාවලිය කණ්ඩායම් 3ක සහභාගිත්වයෙන් පැවැත්වෙනවා.

Asia Lions, India Maharajas සහ World Giants කණ්ඩායම් 3 මෙවර තරඟවදිනවා.

Asia Lions කණ්ඩායම සදහා ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයින් 9 දෙනෙකු ක්‍රීඩා කිරීමට නියමිත අතර කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ 1996 ලෝක ශූරතාවය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අර්ජුන රණතුංගයි.

ආසියානු කණ්ඩායම සදහා සනත් ජයසූරිය, රොමේෂ් කලුවිතාරන, තිලකරත්න ඩිල්ෂාන්, චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන්, උපුල් තරංග, නුවන් කුලසේකර, අජන්ත මෙන්ඩිස් හා දිල්හාර ප්‍රනාන්දු යන ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයින් ඇතුලත් වනවා.

පළමු තරගය අද රාත්‍රී 8.00 ට Asia Lions සහ India Maharajas කණ්ඩායම් අතර පැවැත්වෙනවා.