ජනතාව අපිට ඡන්දෙ දුන්නෙ එක එකාට රජ වෙන්න නෙවෙයි – නාමල්

ජනතාව අපිට ඡන්දෙ දුන්නෙ එක එකාට රජ වෙන්න නෙවෙයි – නාමල්

ආණ්ඩුවේ සිටින අමාත්‍යවරුන්ගේ සිත් තුළ ඇති කරුණු කාරණා එළිමහනේ කතා කිරීම සුදුසු නොවන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. අද (20) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා

එතුමා දැක්වූ අදහස්

ප්‍රශ්නය – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔබතුමාට නොයෙකුත් චෝදනා එල්ල කරනවා. ඔබතුමා රජවෙන්න ඉන්නවා කියලා.

මේ රටේ ජනතාව අපිට ඡන්දේ දුන්නේ එක එකාට රජවෙන්න නෙවෙයි .ඒ නිසා අපි ජනාධිපතිවරයෙක් පත්කර ගත්තා නම් ඒ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය අපි අනුගමනය කළ යුතුයි. අපි කවුරුත් තනි තනියෙන් රජවෙන්න උත්සහ නොකර ජනතාව රජකරවන්න උත්සහ කරොත් හොඳයි මේ අපහසු අවස්ථාවේ. මොකද ගෝලීය වසංගතයක් තියෙනවා. ලංකාවට ඒ වසංගතය බලපාලා තියෙනවා.යනුවෙන් පැවසීය.