ඩ්‍රෝන ප්‍රහාරයේ වීඩියෝව මාධ්‍යට

ඩ්‍රෝන ප්‍රහාරයේ වීඩියෝව මාධ්‍යට

පසුගිය අගෝස්තු 29 වනදා ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරදී අමෙරිකානු හමුදාව එල්ලකළ ඩ්‍රෝන ප්‍රහාරයේ වීඩියෝව අමෙරිකානු හමුදාව විසින් මාධ්‍යට නිකුත්කර තිබෙනවා.

එම ප්‍රහාරයෙන් දරුවන් 7 දෙනෙක් ඇතුළු 10 දෙනෙක් ඝාතනය වුණා.

එම වීඩියෝවේ දැක්වෙන්නේ සුදු පැහැති මෝටර් රථයකට අමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරය එල්ලවන ආකාරයයි.

අමෙරිකානු හමුදාව පැවසුවේ ISIS-K සංවිධානයට අයත් පුපුරණ ද්‍රව්‍ය පිරවූ රථයකට ඔවුන් පහරදුන් බවයි.