ජනපති හදිසි නිරීක්ෂණ චාරිකාවක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (21) ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ මෙරට රාජ්‍ය නායකයෙකු ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරතවූ පළමු අවස්ථාව මෙය බවයි.
එහිදී ජනාධිපතිවරයා පැය 3 කට ආසන්න කාලයක් එම දෙපාර්තමේන්තුවේ රැදී සිටිමින් සියලු අංශ අධීක්ෂණයට ලක් කර එහි නිලධාරීන් සහ සේවකයින් සමඟද සාකච්ඡාවක නිරතවූ බවයි, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.






