වසරේ පෙරළිකාරිය – රන්දුලා ට සම්මානයක්

වසරේ පෙරළිකාරිය – රන්දුලා ට සම්මානයක්

‘ෆ්‍රීඩම් හබ්’ හි සභාපති රන්දුලා ද සිල්වා, ශ්‍රී ලංකාවේ කාන්තා කළමණාකාරීත්වය අගයනු පිණිස පිරිනමන Woman in Management (WIM) 2021 සම්මාන උළෙලේ විශිෂ්ටතම වෘත්තිකයන් 50 දෙනා අතරට තේරී පත් වී තිබෙනවා. ඒ ” වසරේ පෙරළකාරිය” හෙවත් “Game Changer Of The Year” සම්මානයෙන් පිදුම් ලබමිනුයි.

මේ සම්මාන පිරිනමනු ලබන්නේ ලෝක බැංකු සාමූහිකයේ සාමාජික ආයතනයක් වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව හෙවත් IFC ආයතනය සහ ඔස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහයෙනි.

ශ්‍රී ලංකාවේ නවෝත්පාදන ක්‍රියාවලිය හරහා ආර්ථිකයට සහ සමාජයට ධනාත්මක මෙන්ම බලපෑම් සහගත වෙනසක් ඇති කිරීම වෙනුවෙන් රන්දුලාට මේ සම්මානය පිරිනමා තිබෙනවා.

Good Life X ආයතනයේ නිර්මාතෘ වන ඇය රට පුරා ව්‍යවසායකයන් තිරසාර සංවර්ධනයක් වෙත යොමු කිරීම මගින් සමාජයට සහ ආර්ථිකයට ඵලදායී ප්‍රතිඵල ලඟාකර දීමට කටයුතු කරමින් සිටිනවා.

රන්දුලා, හැච් වර්ක්ස් (Hatch) ආයතනයේ ප්‍රථම ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙසත්, GIZ ශ්‍රී ලංකා ආයතනයේ Chief Disruptor ලෙසත් කටයුතු කළ අතර මෙරට ව්‍යවසායක සමාජයේ නව්‍යකරණය අතින් දැනෙන වෙනසක් ඇතිකිරීමට මුල් වුණ චරිතයක්. නිර්මාණාත්මක සහ සමාජ දේශපාලන ‍ක්‍රියාකාරීත්වයන් වලද පෙරමුණ ගන්නා ඇය, මංගල සමරවීර සමග එක්ව ” Freedom Hub ” ආයතනය ඇති කරමින් තරුණ දක්ෂතා හඳුනාගනිමින් ඒවා පෙරට ගැනීමේ වැඩසටහනෙහි ද පුරෝගාමී වුණා.