මේ රටට අවශ්‍ය හිට්ලර් වගේ නායකයන්

මේ රටට අවශ්‍ය හිට්ලර් වගේ නායකයන්

අද පවතින ප්‍රශ්න දිහා බැලුවම මේ රටට අවශ්‍ය වන්නේ හිට්ලර්ලා වැනි නායකයන් බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ( 21) පැවැසීය.

සමහරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිට්ලර් වැනි නායකයකු ලෙස හඳුන්වන බව පැවසූ අමාත්‍යවරයා ඔහු එවැනි පන්නයේ අයකු නොව ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු බවද සඳහන් කළේය.

ඔහු ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු නොවේ නම් යන දුම්රිය මිනිසුන් සමග මග නවතා ගෙන සිටින වෘත්තීය සමිති මේ රටේ තිබෙන්නේ කොහොමදැයි ඔහු ප්‍රශ්න කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට මඩ ගැහුවත් කුමන විවේචන කළත් ඔහු දක්ෂ අවංක නායකයකු බවත් ඔහු රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර ඇති බවත් චන්ද්‍රසේන මහතා වැඩි දුරටත් කීවේය.

COMMENTS