වැසි එනතුරු පැය එකහමාරක විදුලි කප්පාදුවක්

වැසි කාලය පැමිණෙන තෙක් දිනකට පැය එකහමාරක් විදුලි කප්පාදුවක් සිදු කළ යුතු බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.
ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට දැවිතෙල් ලබාදීමට එකඟතාව පළවී ඇත්තේ අද (22) දක්වා පමණක් වන අතර, නොරොච්චොලේ බලාගාරය යළි සක්‍රීය වීමට මේ මස 28 වැනිදා දක්වා කල් ගත වනු ඇතැයි අද අනාවැකි පළවුණා. අක්‍රීය වූ කැලණිතිස්ස බලාගාරය මේ වනවිට සක්‍රීය කර තිබෙනවා.
ඒ අනුව සුපුරුදු පරිදි කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරයෙන් මෙගාවොට් 165 ක ධාරිතාවක් සහ කැලණිතිස්ස විදුලි බලාගාරයෙන් මෙගාවොට් 115 ක් මේ වනවිට උත්පාදනය කෙරෙනවා.
කෙසේ වෙතත්, දැවිතෙල් හිඟවීමෙන් සපුගස්කන්ද බලාගාරය යළි අක්‍රීය වීමේ අවදානමක් මතුව ඇති බවයි ඉංජිනේරුවන් ප්‍රකාශ කළේ.
ඒ තෙල් සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට දැවිතෙල් ලබාදීමට එකඟතාව පළවී ඇත්තේ අද දක්වා පමණක් වීම හේතුවෙන්.මේ අතර වසා දමා ඇති සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි විවෘත කරන්නැයි බලකරමින් තෙල් සම්පත සුරැකීමේ වෘත්තීය සමිති එකතුව ඊයේ (21) දහවල් උද්ඝෝෂණයක නිරත වුණා.

